Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/ab/be/7a/abbe7a61-3ebb-f98a-787d-f6c760c79d94/mza_3764426601335139227.jpeg/600x600bb.jpg
DILUU_DM
DILUU DM
20 episodes
3 months ago

ජීවිතේ කියන්නෙ වෙනස්ම ට්‍රිප් එකක්. මම ඒ ට්‍රිප් එකත් වෙනස්ම විදියකට යන්න ට්‍රයි කරන එකෙක්. අහන්න මේක ඇතුලෙ වෙනස් රහ ගොඩක් තියේවි.

youtube channel එක පැත්තටත් ඇවිත් යන්න. මෙතන ඔබන්න

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Music
TV & Film,
Society & Culture
RSS
All content for DILUU_DM is the property of DILUU DM and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.

ජීවිතේ කියන්නෙ වෙනස්ම ට්‍රිප් එකක්. මම ඒ ට්‍රිප් එකත් වෙනස්ම විදියකට යන්න ට්‍රයි කරන එකෙක්. අහන්න මේක ඇතුලෙ වෙනස් රහ ගොඩක් තියේවි.

youtube channel එක පැත්තටත් ඇවිත් යන්න. මෙතන ඔබන්න

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Music
TV & Film,
Society & Culture
https://assets.pippa.io/shows/6315a4e696231600144ecc23/1662365014034-d99fe2376f867a7b27d51b90d37a8687.jpeg
මතක හරි බරයි.
DILUU_DM
2 minutes 30 seconds
3 years ago
මතක හරි බරයි.

මතක කියන්නෙ හරි භයානක දෙයක් කියලා මට දැන් තේරෙනවා.

අපි වෙන්වෙලා අවුරුදු දෙකක් වෙලත් ඔයාගෙ උණුසුම මට තාම දැනෙනවා. මහ පාන්දරටත් ඇහැරෙනවා ඔයාව මතක් වෙලා. ඒ වෙලාවට දැනෙන තනිකම අමාවකටත් වඩා කලුවරයි. නොගැලපෙන නිසා වෙන්උනත් අපි ගතකරපු හැම⁣ මොහොතක්ම මම ගතකලේ මම විදියටමයි. ඔයාගෙ උකුලට ඔලුව තදකරපු එක තත්පරෙත් ඇති උනා හැම ⁣වේදනාවක්ම දියකරලා දාන්න. ඉතින් ඒ හැම මතකයක්ම වැස්සක් වගේ කඩාහැලෙද්දි ⁣ලෝකෙ තියන හොඳම කුඩේ යට හිටියත් බැහැ.

අදත් ඒ වගේ දවසක්. මිනිස්සු හිතනවා මම හරි දරදඬු මනුස්සයෙක් කියලා. මගෙ හැසිරිම ඒ වගේ කියලා මම දන්නවා. ඒත් මට ලෝකෙට පේන්න සංවේදී මිනිහෙක් වෙන්න ඕන නැහැ. මම මොනවගේ මිනිහෙක්ද කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා. මම දන්නවා ඔයාට ඒ ⁣දේවල් අමතක නැතුවැති කියලා.

ඒත් අද මට අයිතියක් නැහැ ඔයාට කතාකරන්න ,ඔයාගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න. ගෙදරින් ගෙනාපු යෝජනා මං නිසා මඟෑරපු ඔයා මං නිසාම ඒ එකකට එකඟ වෙලා මනමාලියක් වෙන දවස බලන්නවත් මට විදිහක් තිබුනෙ නැහැ. ඒ මගෙ ලැබීම.

කෙනෙක්ට කියන්න පුලුවන් නොගැලපෙන තැන් ගලපගන්න එකයි ආදරය කියලා. ඔව් , ඒත් ඒ ගලපගන්න යන ගමනෙ මට මාව මඟැරෙනවනම් , දවසක ආයෙ ඒ නොගැලපෙන තැන් මගෙන් ඔයාට ලැබෙනවා. ඔයාගෙනුත් එහෙමයි. මොනදේටත් වඩා ආදරේදි වටින්නෙ අපිට අපි විදියට ඉන්න ලැබෙන එකයි, ඒ අපිව අනිත් කෙනා තේරුම්ගන්න එකයි.

දැන් ආයෙ නින්ද යන්නෙම නැති තරම්. මම දවස් ගනන් නිදාගෙන නැහැ දැන්. ඒ හැම⁣ වෙලාවකම ඔයා මට දවසක අහන්න දුන්න සින්දුව අහලා තමා මම මගෙ තනිකම නැතිකරගන්නෙ. ඕකතමයි ජීවිතේ වෙලා තියෙන්නෙ. මට මතකයි ඔයා දවසක් මට කිව්වා මටත් හොඳ කෙනෙක් හම්බෙයි කියලා. ඒත් දැන් මම බයයි. ආයෙ මේ ⁣වේදනාව විඳින්න මට හරි අමාරුයි.

මොකද , මතක හරි බරයි.

✍️ ඩිලූ

#ඩිලූ2022ජූනි

xysPIrzrCUkfltHfAZyY