Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
News
Sports
TV & Film
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Podjoint Logo
US
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts115/v4/1c/97/64/1c976453-6559-f2bb-1c50-8b533dc655d7/mza_12176099254705054249.jpg/600x600bb.jpg
Indrajith Bandara
Indrajith Bandara
32 episodes
1 day ago
This is Indrajith Bandara's podcasts.
Show more...
Technology
RSS
All content for Indrajith Bandara is the property of Indrajith Bandara and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
This is Indrajith Bandara's podcasts.
Show more...
Technology
https://d3t3ozftmdmh3i.cloudfront.net/staging/podcast_uploaded_episode/15558906/15558906-1746502949595-c91b17a50461a.jpg
CISCO IT Essential - Sinhala
Indrajith Bandara
4 minutes 30 seconds
6 months ago
CISCO IT Essential - Sinhala
මොකක්ද මේ Cisco IT Essential කියන්නේ කියලා ඔබ දන්නවාද? ඒ ගැන කියන්න කලින් මම Cisco Networking Academy එක ගැන පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්නම් කෝ. මොකක්ද මේ Cisco Networking Academy එකක් කියන්නේ ?? Cisco Networking Academy කියන්නේ 1997 දී ආරම්භ කරන ලද මෙම Cisco Networking Academy එක අද වන විට රටවල් 180ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි සංඛ්‍යාවක් ඇති අතර 26000 කට වැඩි Cisco Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්‍යාප්ත වෙච්ච ආයතයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඒ හැම Course එකකටම ලොව පුරා පිළිගන්නා සහතිකපත්ද ලබා දේ. ඔබ දන්නවද ඒ හැම Course එකකටම ලෝකයේ පිළිගන්නා Exam එකකුත් තියෙනවා කියලා. එහෙනම් මම දැන් කියන්නම් Cisco Networking Academy එක මඟින් ලබා දී ඇති Cisco IT Essential පාඨමාලාව ගැන ඔයාලා හැමෝම Computer Hardware කියන නම නම් අහලා ඇති. Cisco IT Essential කියන්නේත් Computer Hardware පැත්තට අදාල වන පාඨමාලාවක් තමයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේ අන්තර් ජාතික වශයෙන් පිලිගැනීමක් ඇති CompTIA A+ නම් Professional Exam එක Base කරලා. ඒ නිසා මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල අයෙක් සඳහා Exam Fee එක පමණක් ගෙවා CompTIA A+ Exam එකට පෙනී සිට එමඟින් CompTIA A+ සහතික පතද ලබා ගත හැක. තවද මෙම පාඨමාලාව සඳහා වන විෂය නිර්දේශය ක්‍රමවත්ව යාවත්කාලීන වීමද සිදු වේ. ඔයාලා කොහොමත් දන්න දෙයක්නේ ලංකාවේ විෂය නිර්දේශ යාවත්කාලීන කරන්න කොච්චර අමාරුද කියලා. මෙම Cisco පාඨමාලා වල විෂය නිර්දේශය එම කාලයට ගැලපෙන විදියට ඉතාමත් ඉක්මනින් යාවත්කාලීව වෙනවා. මේ වන විට ඇත්තේ Cisco IT Essential Version 7 වේ. එපමණක් නොව මෙම පාඨමාලාව අනිවාර්යෙන්ම කල යුතු වන්නේ Cisco සඳහා සහතකලත් (Cisco Certified Instructor) වරයෙක් යටතේ වන අතර, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එකද හිමිවේ. සාම්ප්‍රදායික Computer Hardware පාඨමාලාවකට එහා ගිය Cisco IT Essential පාඨමාලාව තුළ Cisco CCNA ඉගෙනුම ලැබීමට බලාපොරොත්තු වන සියළුම දෙනා සඳහා අවශ්‍ය වන මූලික දැනුම එනම්, ⭕ පරිගණක යනු කුමක්ද එහි කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම. උදාහරණයක් වශයෙන් RAM වර්ග වුවද එකිනෙකට වෙනස් වන්නේ කෙසේද එය හඳුනා ගන්නේ කෙසේද යන්න. ⭕ පරිගණක සමඟ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ක්‍රමවේද (Safety Procedures) සහ Tools භාවිතා කරන්න ආකාරය. ⭕ පරිගණකයක් එකලස් කිරීම එනම් Computer Assemble කරන නිවැරදි ක්‍රමවේදයන් ⭕ Operating System Install කිරීම සහ Configuration කිරීම (USB Boot, Network Boot, Clone, Bual Boot, Multiple Boot) ⭕ පරිගණක නඩත්තුව (Preventive Maintenance) සහ පරිගණක දෝෂ හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම (Troubleshooting Process). ⭕ පරිගණක ජාලගත කිරීම එනම් Computer Network සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දී Network Cable සකස් කිරීම. Client Server Environment එක ගොඩ නැගීම ඒ සඳහා [(AD-DS) Active Directory Domain Service, (DNS) Domain Name Service, (DHCP) Diynamic Host Congratulation Protocol Server, (WDS) Windows Diployment Server, Group Policy Management, Network Monitoring, Proxy Server Configuration, සඳහා අවශ්‍ය වන මූලික දැනුම ලබා දීම. ⭕ Laptop සහ Mobile Devices පිලිබඳව ඒවායේ Technologies සහ ක්‍රියාත්මක වන Operating System හඳුනා ගැනීම. ⭕ Printer වර්ග සහ ඒවායේ ක්‍රියාත්මක වන Technologies, පැමිණිය හැකි දෝෂ හඳුනාගැනීම. ⭕ Virtualization and Cloud Computing පිලිබඳ හඳුනා ගැනීම. ⭕ Security යටතේ Physical Security, Virus and Virus Guard, Network Attacks, Security Policy යන්න හඳුනා ගැනීම සහ ඒවායෙන් ආරක්ෂා වීමට භාවිතා කල යුතු ක්‍රමවේද. යනාදී වශයෙන් වර්තමානයේ ලෝකයට ගැලපෙන පාඨමාලා අන්තර්ගතයකින් යුතු පාඨමාලාවක් වන මෙම Cisco IT Essential පාඨමාලාව පිළිබඳ අප රටේ බොහෝ දෙනෙකු නිසි අවබෝධයක් නොමැති බව නිසා මෙලෙස ඔබ සැම දැනුවත් කරමු.
Indrajith Bandara
This is Indrajith Bandara's podcasts.