Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts125/v4/d1/5e/77/d15e777e-6bd8-4f9c-13f2-ba56b3249ce2/mza_10246503111938356318.jpg/600x600bb.jpg
CYBER Wiparama
Champike Yatagama
89 episodes
3 months ago
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Show more...
Technology
RSS
All content for CYBER Wiparama is the property of Champike Yatagama and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Show more...
Technology
https://pbcdn1.podbean.com/imglogo/ep-logo/pbblog6373142/episode_737niag.jpg
Episode 73: වෙන කෙනෙක්ගෙ ගේ ඇතුල ඔබේ ෆෝන් එකෙන් පෙනුනොත්, මොකද හිතෙන්නෙ?
CYBER Wiparama
6 minutes 35 seconds
4 years ago
Episode 73: වෙන කෙනෙක්ගෙ ගේ ඇතුල ඔබේ ෆෝන් එකෙන් පෙනුනොත්, මොකද හිතෙන්නෙ?
Broadcast on 3ZZZ Radio on 23rd May  ඔබ බොහෝ  දෙනෙක්ගෙ නිවසේ  ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති. හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක හරහා දකින්න ලැබුනොත් ඔබ කොහොම කලබල වෙයිද? ඔබ මෙලෙසින් වෙන කෙන්කුගේ නිවසක දර්ශන දකින් විදියට, වෙනත් ආගන්තුක අයට ඔබේ නිවසත් දකීන් පුලුවන් නේද යන අනාරක්ශිත හැඟීමකින් ඔබ වික්ශිප්ත වෙනවා නේද? මම මේ කිව්වෙ ප්‍ර්බන්ධ කතාවක් නොවේ.. මීට දින කිහිපයකට කලින්, ලොව ඉතා ජනප්‍රිය ආරක්ශක කැමරා සන්නාමයක් වෙන Eufycam security system භාවිතා කරන්නන්ට ඇත්තට අත්විඳින්න සිදු වූ සිදුවීමක්.  Eufycam පද්ධතියේ සිදු වූ තාක්ශණික ගැටලුවක් නිසා, eda ඇප් එක භාවිතා කරන්නන් යම් ප්‍රතිශතයකට මෙලෙසින් ඇප් එක හරහා වෙනත් අයගේ කැමරාවල දර්ශන පෙනෙන්න අරන් තියෙනවා. ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කියුබාව, මෙක්සිකෝව සහ ආජන්ටිනාව මේ තාක්ශණික ගැටලුවට නතු වූ රටවල් කිහිපයක්.    Eufycam ආයතනය එදිනම විශේෂ නිවේදනයක් නිකුත් කර මේ ගැන සමාව අරන් තිබුනා.  එම නිවේදනය ආරම්භ වුනේ මෙලෙසයි.     Due to a software bug during our latest server upgrade at 4:50 AM EST today, a limited number (0.001%) of our users were able to access video feeds from other users’ cameras. Our engineering team recognized this issue at around 5:30 AM EST, and quickly got it fixed by 6:30AM EST.     යම් හෙයකින් ඔබ Eufycam භාවිතා කරන්නෙක්නම්, වහාම එහි ඇප් එකෙන් ඉවත් වී නැවතත් login විය යුතුයි. ඒ හරහා ඔබට මෙම මුදුකාංග දෝශයෙන් (software bug එකෙන්) වැලකෙන්න පුලුවන් වෙනවා.   නිවස කියන්නෙ අපගේ පුද්ගලිකත්වය. එහි අරක්ශාව වෙනුවෙන්ම සවි කරපු ආරක්ශක කැමරා, අපේ පුද්ගලික විස්තර සහිතවම වෙනත් ආගන්තුකයන්ට මොහොතකට හෝ දකින්න ලැබීම කෙතරම භයානකද? මම දන්නවා, ඔබ බොහෝ දෙනෙකුට දැන් ඇතිවෙන ප්‍රශ්නය - අපගේ නිවසේ කැමරා පද්ධතිවලටත් මෙය වෙන්න පුලුවන්ද? එසේ නම් ඉන් වැලකෙන්නෙ කෙසේද?කෙටිම උත්තරය මෙය ඕනෑම කැමරා පද්ධතියකට වෙන්න පුලුවන්. මීට කලින් මේ වගේ ජනප්‍රිය Ring, Swann කැමරා පද්ධති පවා මෙවැනි ගැටලුවට ලක් වුනා. යමක් අන්තර්ජාලයට සම්බන්ධ කල සැනින්, එය පිටස්තරයෙකු අතට පත් වීමට ඉඩ ඇති බව, මේ වගේ ස්මාට් තාක්ශනයන් භාවිතා කිරීමේදි, අපි අවධනමක් විදියට භාර ගන්න ඕනෙ. මින් අදහස් වෙන්නෙ මේ තාක්ශනයන් සියල්ල අත හැර, ඒවා වර්ජනය කල යුතු බවක් නොවේ. මෙලෙසින් අවධනම තේරුම් ගත් විට අපට පුලුවන් වෙනවා, අවබෝධය හරහා එයට අනුගත වෙන්න, සැනෙකින් අවශ්‍ය වුනොත් ක්‍රියාත්මක වෙන්න සහ අවධනම අඩු වෙන ක්‍රියාමාර්ග ගන්න. එලෙසින් අවධානම අඩු කර ගන්න පුලුවන් ඉතා පහසු ක්‍රමවේද කිහිපයක් කියන්නම්. මූලිකව හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරා ගන්න. ඉතා ලාබෙට අන්තර්ජාලයේ තියෙන, නමවත් අහලා nathi ස්මාට් තාක්ශනයන් මිලදී ගන්න එපා. දැන් ඔබ අහන්න පුලුවන්, මම කලින් සඳහන් කල සිද්ධිය වුනේ එවැනි ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකකට නොවෙයිද කියලා. ඇත්ත. එය ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්, ඒ නිසා තමයි ඒ ගැන විශාල මාධ්‍ය ආවරණයක් ඇවිත්, ඔවුන් පැයක් වගේ ඇතුලත ඒ ප්‍රශ්නය නිරාකරනය කලේ. එලෙසින් ක්‍රියාත්මක වෙන්න ඔවුන්ට සම්පත් සහ දැනුම තියෙනවා. මෙවැනි අතපසුවීම් නිසා ඔවුන්ට විශාල ලෙසින් වන්දි ගෙවන්නට සිදුවෙන නිසා ඔවුන් එවැනි දෙයක් නොවෙන්න සෑහෙන උත්සාහයක ගන්නවා. නිඅතර තමන්ගේ පද්ධති update කරනවා. එනිසා මූලිකවම හොඳ බ්‍රැන්ඩ් එකක් පමනක් භාවිතා කරන්න.   දෙවනුව, ඔබගේ වීඩියෝ පටිගතවෙන්නෙ අන්තර්ජාලයේ නම් ඒ කියන්නෙ cloud based recording එකක් නම්, එහි ආරක්ශාව වෙනුවෙන් අමතර ක්‍රියාමර්ග thibedha යන්න ඔබට සොයා බලන්න පුලුවන්.  එවැනි පටිගත කිරීම් encrypt කරන විසඳුම් තියෙනවා, උදාහරනයක් විදියට Apple’s HomeKit Secure Video platform එකේ පටිගත වෙන හැමදේම encrypt වෙනවා - එනිසා වෙන කෙනෙකඋට කිසිම ලෙසකින් එය නඹන්න බැහැ. මේ ප්‍රශ්නෙට අදාල වූ පද්ධතියෙ අන්තර්ජාල රෙකෝඩින් එන්ක්‍රිප්ට් වෙලා තිබුනෙ නැහැ, ඒකයි අනික් අයට බලාගන්න පුලුවන් වුනේ. දැනට වෙලඳපොලේ තියෙන බොහෝ cloud recording එලෙසින් encrypt වෙන්නෙ නැහැ, නමුත් ඔබ නිතර ඇප් එක සහ උපංග update වෙන්න සකස් කරන්න පුලුවන් නම්, මේ වගේ දෝශ ස්වයන්ක්‍රීයව ඉවත් කර ගන්න පුලුවn. එනිසා මතක තබා ගන්න, ඔබේ සියලුම ඇප් auto-update වෙන්න සකස් කර ගන්න. ගොඩක් ප්‍රශ්න ඒකෙන් ඉවත් වෙනවා.  අනික් කාරනේ පාස්වර්ඩ් එක - කවදාවත් එය මිලදී ගද්දි ආපු මුල්ම password එක ඒ කියන්නෙ default password එක තියා ගන්න එපා, එය අලුත් එකකට වෙනස් කරන්න. අන්තර්ජාලය හරහා පීරලා default password තියෙන කැමරා පද්දති hack කරන සයිබර් හොරුන් මේ මොහොතෙත් ක්‍රියාත්මකයි.
CYBER Wiparama
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia